‘‘ණයවර අත්හිටුවා ඇත්තේ අධිකරණ නියෝගයකට අනුවයි‘‘


චීනය සම්බන්ධ ණයවර ලිපියට අදාල ගෙවීම් සිදුකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ අදාල ගණුදෙනුව සම්බන්ධයෙන් කොළඹ වාණිජ මහාධිකරණය නිකුත් කර ඇති වාරණ නියෝගයක් හේතුවෙන් යැයි මහජන බැංකුවේ අලෙවිකරණ දෙපාර්තමේන්තුව පවසයි.

එම නීතිමය බාධක ඉවත් කළ පසු සාමාන්‍ය වෙළඳ පරිචයන් අනුව ණයවර ලිපි සඳහා ගෙවීම් කඩිනම් කරන බවත් මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ණයවර ලිපියක් සඳහා ගෙවීම් නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ උපදේශකවරයා විසින් මහජන බැංකු අසාදු ලේඛණගත කිරීම පිළබඳව අවධානය යොමු කර ඇති බව කියන මහජන බැංකුවේ අළෙවිකරණ දෙපාර්තමේන්තුව එම ණයවර ලිපියට ගෙවීම් ප්‍රමාදයට එකම හේතුව වගකිවයුතු ආයතනික පුරවැසියෙක් ලෙස මෙරට අධිකරණ නියෝගවලට අනුකූලව කටයුතු කිරීමට මහජන බැංකුව බැදී සිටින බැවින් යැයි ද එම නිවේදනය මගින් සඳහන් කරයි.