‘‘ජිනීවා යෝජනා සත්‍ය වසන් කිරීමක්‘‘


( තිළිණි ද සිල්වා )

එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය ඇතුළු රටවල් කිහිපයක් එක්ව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම පිළිබඳව ඉදිරිපත් කරන චෝදනා සත්‍ය වසන් කොට දේශපාලන අරමුණක් සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ගයක් බව විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ලංකාවට විරුද්ධව ඉදිරිපත් කරන අසත්‍ය චෝදනා පරාජය කිරීමට රජය උත්සාහ ගන්නා බවත් , ඒ සඳහා මිත්‍ර රටවල් රැසක් අප සමඟ අත්වැල් බැඳගෙන සිටින අතරම ඉන්දියාවත් අපේ සහයට ඉදිරිපත් වනු ඇතැයි විශ්වාස කරන බවද විදේශ අමාත්‍යවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකාවට එරෙහිව රටවල් කීපයක් ඉදිරිපත් කර ඇති චෝදනා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය පැවැත්වෙන ජිනීවා හි දී ලබන සදුදා ( 22 )වැනි දින ඡන්ද විමසීමට නියමිතය.