‘‘ජිනීවා බලපෑමට නොබියව මුහුණ දෙනවා‘‘


(ඩයනා උදයංගනී)

ජිනීවා බලපෑමට නොබියව මුහුණ දීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිදහස් රටක් වන ශ්‍රී ලංකාවට ඊට යට නොවී තනිව කටයුතු කරගැනීමේ හැකියාව තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ඉන්දීය සාගර බල අරගලයේ ගොදුරක් වන්නේ නැතැයිද හෙතෙම කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ මාතර පිටබැද්දරදී අද (27) පැවති 'ගම සමඟ පිළිසඳර' වැඩසටහනට එක්වෙමිනි.

පසුගිය රජය ජිනීවා යෝජනාවලට සම අනුග්‍රහය දක්වා රටේ ස්වෛරීත්වය නැති කර දැමූ බව කී ජනාධිපතිවරයා වත්මන් රජය ඒ සමඅනුග්‍රහයෙන් ඉවත්වීම නිසා ඔවුන් අපට විරුද්ධව කටයුතු කරමින් සිටින බවද කීවේය.

බලය බෙදීම කියා නැවත බෙදුම්වාදය ගෙනැවිත් රටේ සවෛරීත්වය පාවාදීමට සූදානම් නැතැයිද ජනාධිපතිවරයා පැවසීය.