(අංජුල මහික වීරරත්න)
ජනපති ජාතිය අමතමින් කළේ ජනාධිපතිවරණයේදී ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය වන "සෞභාග්‍යයෙ දැක්ම" නැවත කියවීම පමණකියි සමගි ජන බලවේගයේ මැද කොළඹ සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබුර් රහුමාන් මහතා පවසයි.
රට මුහුණදී තිබෙන සැබෑ ප්‍රශ්න සඳහා ජනපති පිළිතුරක් ලබාදෙනු ඇතැයි යන මතය ජනතාව තුළ තිබු බව කී රහුමාන් මහතා රට මුහුණ දී තිබෙන අගාධයෙන් ගොඩ ඒම සඳහා ජනපති ගන්නා ක්‍රියාමාර්ග ගැන කිසිවක් යෝජනා කළේ නැතැයි ද කීයයි
ජනපති ජාතිය ඇමතුවේ වෙනත් ලෝකයක සිටයැයි ද වත්මන් ගැටලු සඳහා විසඳුම් දීමට නොහැකිවීම නිසා ආණ්ඩුව යළිත් වතාවක් අසමත් වී තිබෙන බවද කී රහුමාන් මහතා ජනපතිගේ කතාවෙන් එය නැවත වතාවක් ජනතාව හමුවේ ඔප්පු කර පෙන්වා දුන් බවද සඳහන් කළේය.

