
( තිළිණි ද සිල්වා)
කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලා සිටී.
එම ඉන්දීය ධීවරයින් සමග ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරු සිදු නොකරන ලෙසට ද ධීවරයින්ගෙන් ඉල්ලා සිටින බව ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළාය.
කහ වැනි නීති විරෝධී භාණ්ඩ ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා වලින් රැගෙන ඒමෙන් වළකින ලෙස ද ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂවරිය මෙරට ධීවරයින්ගෙන් ඉල්ලා සිටින්නීය.
සෞඛ්‍ය ආරක්ෂිතව ධීවර කටයුතුවල යෙදීමෙන් කොරෝනා අවදානමෙන් මෙරට ධීවරයින් ආරක්ෂා කිරීමට හැකි බව ධීවර දෙපාර්තමේන්තුව කියා සිටී.

