(නිමල කොඩිතුවක්කු)
ඉදිරි ජනාධිපතිවරණයේදී කුමන පාර්ශ්වයකට සහාය ලබාදෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැතැයි උතුරු පළාත් හිටපු ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලංකාදිපයට පැවසීය.
මෙවර ජනාධිපතිවරණයට තම පාර්ශ්වයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් නොකරන බවත් ප‍්‍රධාන පක්ෂ වල අපේක්ෂකයෙක් සමඟ එක්ව කටයුතු කරන බවත් විග්නේෂ්වරන් මහතා සඳහන් කළේය.
තම ගැටලුවලට ස්ථිර විසඳුම් ලබාදිය හැකි සහ ඒ අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති මත පදනම්ව ඉදිරි ජනාධිපතිවරණයේදී තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.
ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත්වීමෙන් පසු හා ඒ ඒ අපේක්ෂකයන් ස්ථීර ලෙස ප‍්‍රකාශයට පත්වීමෙන් පසු සෙසු දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බවත් විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.

