(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වා එයින් ජයගෙන ඉන් අනතුරුව පාර්ලිමේන්තු මැතිවරණයත් ජයගන්න බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද (19) පැවසීය.
මේ නිදහස දෙන්නේ අපට අප කෙරෙහි පවතින විශ්වාසය නිසා බව කී අග්‍රාමාත්‍යවරයා කිසි විටෙක පසුපසට යාමට අවශ්‍ය නොවන බවද සඳහන් කළේය.
දේශපාලන පළිගැනීම් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා වන්දි ප්‍රදානය කිරීම වෙනුවෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවැසීය.
එහිදී ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,
මෙම ජනාධිපතිවරණය ඉතා නිදහස් ඡන්දයක් ලෙස පවත්වනවා.අපට කිසිඳු බියක් සැකයක් තබා ගැනීමට අවශ්‍ය නැත.අපට ඉදිරියට යන්නට හැකියාන තිබෙනවා.ඒ නිසා අප නිදහස් ජනාධිපතිවරණයක් පවත්වනවා.කිසිවකුත් ඒ ජනාධිපතිවරණයේදී තුවක්කු ගෙන එන්නේ නැහැ.
අපට මේ ජනාධිපතිවරණයට මුහුණ දිය හැකියි.අපට මේ ජනාධිපතිවරණය ජයගත හැකියි.ඉන් පසුව අපට පාර්ලිමේන්තු මැතිවරණය ජයගන්න පුළුවන්.අපි පසුපසට යන්න අවශ්‍ය නැහැ.මේ නිදහස දෙන්නේ අපට අප කෙරෙහි තිබෙන විශ්වාසය නිසයි.අප සෑම අංශයකටම විවෘතව කටයුතු කරනවා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කීය.

