‘‘ජනපතිවරණයට පෙර ජනපති ක්‍රමය වෙනස් කරනු”


විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ අතුරලියේ රතන හිමියෝ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට 19 වැනි සංශෝධනය ලෙස අද(14) පැවති පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ ව්‍යවස්ථා කෙටුම්පත එළි දක්වමින් පැවසූහ.

මෙම පිවිතුරු හෙටක් උදෙසා ජාතික සභාවේ යෝජනා පිළිනොගෙන මහින්ද රාජපක්ෂ ජනපති ජනාධිපතිවරණය පැවැත්වුවහොත් ඔහු පරාජය කිරීමට කළ හැකි සියලුම දේ කරන බවද රතන හිමියෝ කීහ.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති මෙම අවස්ථාවට ආගමික නායකයන්ද , පක්ෂ විපක්ෂ දේශපාලකයන්ද , කලාකරුවන්ද ඇතුළු විශාල පිරිසක් එක්විය.

  • ජනාධිපතිවරයා රාජ්‍ය නායකයා වන අතර අගමැතිවරයා ආණ්ඩුවේ නායකයා විය යුතුයි.
  • ජනාධිපතිවරයා තව දුරටත් දේශපාලන පක්ෂයක නායකයකු නොවී රටේ ඒකීය භාවයට හෝ ස්වාධිපත්‍යයට හෝ හානිකර තත්ත්වයක් උදාවන අවස්ථාවකදී රට සුරක්ෂිත කිරීමේ වගකීම හා බලය ජනාධිපතිවරයාට පැවරිය යුතුයි.
  • කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 20 - 25 අතර සංඛ්‍යාවකට සීමා වන අතර නියෝජ්‍ය ඇමතිවරුන් සංඛ්‍යාව 35 කට නොවැඩි විය යුතුයි.
  • අමාත්‍යංශ සඳහා විධායක කාරක සභා ක්‍රමය ස්ථාපනය කළ යුතුයි.
  • පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය මනාප ක්‍රමය අහෝසි කිරීම සඳහා මැතිවරණ ක්‍රමය වෙනස් කළ යුතුයි.
  • ව්‍යවස්ථාදායක සභාව තුළින් ස්වාධීන කොමිෂන් සභා නීතිගත කළ යුතුයි. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් විය යුත්තේ අගමැතිවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපතිවරයා විසින් පත් කළ අයකු හා පාර්ලිමේන්තුව විසින් රහස් ඡන්දයකින් පත් කරනු ලබන 05 දෙනෙකුය.
  • අල්ලස් හා දූෂණ පිටුදැකීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතිය රට තුළ බලාත්මක කළ යුතුයි.
  •  

DSC01606