(යොහාන් භාසුර)
විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන බවට ජනාධිපතිවරයා බෞද්ධ කටයුතු උපදේශන සභාව හමුවේ කළ ප්‍රකාශය බරපතළ සහ භයානක යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට එරෙහිව ගොඩනැගෙන දැවැන්ත ශක්තිය හේතුවෙන් එය හකුලා ගත් රජය වෙනත් ආකාරයකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කරන බවත් ඉතිහාසය පුරාම විවිධ රජයන් ආකාර දෙකකින් විශ්වවිද්‍යාල පෞද්ගලිකකරණය කිරීමට උත්සාහ කළ බවත් පුබුදු ජාගොඩ මහතා පැවසීය.
1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත සංශෝධනය කර පෞද්ගලික විශ්ව විද්‍යාල පාලනයට සහ නියාමනයට නීති සැකසීම එක ක්‍රමයක් යැයි කී ජාගොඩ මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට සමාන්තර වෙනත් ව්‍යුහයක් නිර්මාණය කර පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීම දෙවැනි ක්‍රමය බවත් පැවසීය.
2002 වසරේ සිට මෙම වසර දක්වා බලයට පත්වූ විවිධ රජයන් විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට උත්සාහ කළ බවත් ජනාධිපතිවරයා කළ යුත්තේ විවිධ මත පළ කිරීම වෙනුවට විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කරනවාද නැද්ද යන්න පිළිබඳව ජනතාවට පැහැදිලිව ප්‍රකාශ කිරීම බවත් ඡාගොඩ මහතා කීය.

