‘‘චන්ද්‍රිකා රට ගියේ මෛත්‍රී ගැන කලකිරීමෙන්“


මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්කිරීමේ මූළිකයකුවන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය කලකිරීමෙන් පිටරට ගිය බවත් ඊට හේතුව මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිට නාමයෝජනා දීම බවත් අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ මහතා කියයි.

ඔහුගේ රජයෙන් සිදුවූ වංචා දූෂණ හොර මැරකම්වලට වගකිව යුත්තා වශයෙන් ඔහුට මහ මැතිවරණයට නාමයෝජනා නොදීමට තිබූ බව ද ඒ මහතා අවධාරණය කළේය. කුමාරතුංග මහත්මියගේ කලකිරීම සම්බන්ධයෙන් ඇය යළි ශ්‍රී ලංකාවට පැමිණි පසු ප්‍රකාශයක් කිරීමට  ඉඩ ඇතැයි ද විජයදාස මහතා සඳහන් කළේය.