‘‘ගුරු - විදුහල්පති වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි‘‘


(අජන්ත කුමාර අගලකඩ)

ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා මේ මොහොතේ ඉවත් කළ නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා ඊයේ(02) රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

ගුරු හා විදුහල්පති වැටුප් විෂමතා ඉවත්කළ යුතු බව පිළිගන්නා නමුත් රටේ පවතින තත්ත්වය අනුව මෙය ඒ සඳහා අවස්ථාව නොවන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත .

ගුරුවරුන්ගේ පමණක් නොව සෙසු රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතා නිවැරදි කිරීම සම්බන්ධයෙන් ඉදිරි අයවැයේ දී අවධානය යොමු කරන බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .

කොරෝනා අර්බුදය මැද වුවද රජය රාජ්‍ය සේවකයින්ගේ වැටුප් නිසි වේලාවට ගෙවා ඇතැයි සඳහන් කර ඇති ජනාධිපතිවරයා මේ මොහොතේ ගුරුවරුන් ද සිය වගකීම ඉටු කළ යුතු යැයි සඳහන් කර ඇත .