‘‘ගම් උදාව‘‘ 97 වන ආදර්ශ ගම්මානය ජනතා අයිතියට


(රෝවන් පෙරේරා )

සැමට සෙවන ගම් උදාව යටතේ 97 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම කුරුළුවැව ප්‍රදේශයේ රන්සිළුගම නමින් අද (27) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.

නිවාස ලාගීන් 21 දෙනකු සඳහා හිමිකම් පත්‍ර ප්‍රධානය , ප්‍රතිලාභීන් 400 සඳහා විසිරි නය ප්‍රධානය, ප්‍රතිලාභීන් 150 සඳහා සොඳුරු පියස චෙක් පත් ප්‍රධානය , සිල්ප සවිය වැඩ සටහන යටතේ 65 දෙනකු සඳහා උපකරණ කට්ටල ලබාදීම, ප්‍රතිලාභීන් 210 සඳහා ඇස් කන්නාඩි ප්‍රධානය,105 දෙනකු සඳහා අඹ පැල,42 සඳහා පොල් පැල ලබාදීම, 18 දෙනකු සඳහා ස්වයංරැකියා ණය ප්‍රධානය සහ ඖෂධ පැලසිටුවීමක්ද අමාත්‍යවරයාගේ සුරතින් සිදුවීය.