(සුජිත් හේවාජුලිගේ)
දරුවන් අතරේ කොව්ඩ් රෝගය පැතිරීමේ කොව්ඩ් පැතිරීමේ අවදානමක් පවතින හෙයින් පරිස්සම් කරන ලෙස කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා මවුපියන්ගෙන් ඉල්ලීමක් කරයි.
කොව්ඩ් දරුවන් දෙදෙනකු පසුගිය දින කිහිපයේදී සොයා ගැනුණු බවද ඔහු සඳහන් කළේය.
සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පවතින දරුවන් සිටී නම් ඔවුන් අනිවාර්යයෙන්ම මුව ආවරණ පැළඳීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම වැදගත් බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා මෑතකදී පරීක්ෂාවට ලක් කෙරුණු දරුවන් අතරින් බහුතරයකට වැළඳී තිබුණේ ඉන්ෆ්ලූවන්සා වයිරසය බවද ප්‍රකාශ කළේය.
දරුවන් අතර ඉහළ ස්වසන මාර්ගයේ රෝග කීපයක් පසුගිය දිනවල පැතිරුණු බවත් වයිරස රෝග ඉන් ප්‍රධාන බවත් ඔහු කීවේය.
මීට අමතරව පාචන රෝගය වැළඳුණු දරුවන් කිහිප දෙනකුද සොයා ගැනුණු බව පැවසූ දීපාල් පෙරේරා මහතා ඩෙංගු රෝගය සහ ළමා හතිය වැළඳුණු දරුවන් බහුලව හමුවන බවද ප්‍රකාශ කළේය.

