‘‘කෝවිඩි අවදානමෙන් අප තවමත් මිදි නෑ‘‘


(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් දෛනිකව වාර්තාවන මරණ සංඛ්‍යාව ශ්‍රී ලංකාව ‘කොවිඩ්’ අවදානමෙන් ගැලවී නොමැති බවට හොඳම සාක්‍ෂිය යැයි මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ශ්‍රී ලංකාවේ මුඛතම ප්‍රභේදය බවට පත්වුහොත් මීට පෙර අවස්ථාව දෙකටම වඩා අසීරු තත්වයකට ශ්‍රී ලංකාව පත්වීමේ අවදානමක් පවතින බවත් රෝගීන්ගේ අඩුවීම ව්‍යාජ එකක් බවත් උපුල් රෝහණ මහතා කියයි.

උපුල් රෝහණ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවෙන් මේ වන විට ඩෙල්ටා ආසාදිතයන් 35 ක් පමණ හදුනාගෙන ඇති බවත් ඒ අනුව ඩෙල්ටා ආසාදිතයන් 200 ත් 300 ත් අතර සංඛ්‍යාවක් සිටිය හැකි බවත්ය.