( තිළිණි ද සිල්වා )
සංචාරකයින්ට නිල වශයෙන් රට විවෘත වූ දින සිට මේ දක්වා මෙරටට පැමිණ ඇත්තේ සංචාරකයන් 21,915 දෙනකු පමණක් බවත් ,ඉන් සංචාරකයින් 220 දෙනකුට කොරෝනා ආසාදිතවූ බවට හඳුනාගත් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
එබැවින් විපක්ෂය ප්‍රමුඛ ඇතැම් පිරිස් කොවිඩ් වසංගතය රටතුළ පැතිරුණේ සංචාරකයන්ට රට යළි විවෘත කිරිම නිසා බවට කරන ප්‍රකාශ පදනම් විරහිත යැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කියයි.
කෝවිඩ් ආසාදිත සංචාරකයින් 220 දෙනා ගෙන් 150 දෙනොකු මේ වන විට සුව වී සිය රට බලා ගොස් ඇති අතර සෙසු පිරිස සෞඛ්‍ය අංශ වල දැඩි අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බවද සංචාරක අමාත්‍යවරයා කීය.
මෙතෙක් කොවිඩ් අසාදීත යැයි වාර්තා වී ඇති සංචාරකයන් 220 දෙනාගෙන් කිසිවෙකු මෙරට සමාජය හා සම්බන්ධ නොවූ බවත් , සංචාරකයන් මෙරටට ගෙන්වීමේ ක්‍රියවලිය ජෛව විද්‍යාත්මක බුබුළක් ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් ආසාදිතයන් සමාජයට නිරාවරණය නොවූ බවද අමාත්‍යවරයා කීය.

