(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලය කොරෝනා මර්දනය සම්බන්ධයෙන් සම්පූර්ණ බලතල ගෙන දැන්වත් ජනතාවගේ ජීවිත බේරා ගත යුතුව ඇතැයි‘‘ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොරෝනා මර්දනය සම්බන්ධයෙන් දැනට පත් කර ඇති ක්‍රියාන්වති මධ්‍යස්ථානය අසාර්ථක වී තිබෙන හෙයින් ජනතාව ගැන අනුකම්පාව තිබෙනවා නම් කැබිනට් මණ්ඩලයට බලය ගෙන ඉදිරි තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
මේ වන විට ශ්‍රී ලංකාව කොරෝනා ව්‍යසනයේ උග්‍ර තත්වයට මුහුණ දී තිබෙනවා . ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව කඩා වැටීලා. මේ වන විට කොරෝනා වසංගතය ලංකාව පුරාම පැතිරෙමින් තිබෙනවා. එමෙන්ම ඔක්සිජන් හිඟය ද තිබෙනවා.වෙන්ටිලේටර් හිඟයක් තවතිනවා. රෝහල්වල ඇඳන් හිඟයි . කොරෝනා රෝගීන්ගෙන් රෝහල් පිරී ගිහිල්ලා.දිනෙන් දින ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගය වැඩිවෙමින් තිබෙනවා.
මේ වන විට රට තිබෙන්නේ තීරණාත්මක අවස්ථාවකයි.වෛද්‍ය උපදෙස් අනුව ඉදිරි තීරණ නොගත්තොත් සියලු ශ්‍රී ලාංකේයන්ම අමාරුවේ වැටෙන්න වෙනවා.
එමෙන්ම වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ දත්ත වාර්තා අනුව ශ්‍රී ලංකාවත් කොරෝනා අවදානම් මට්ටමට පැමිණ තිබෙන බව සඳහන් වනවා.
ඒ වාර්තා අනුව දිනකට කොරෝනා රෝගයෙන් ජුනි ,ජුලි මාස වන විට දිනකට සියයකට ආසන්න පිරිස මිය යා හැකි බව දක්වා තිබෙනවා.ඒ නිසා මේ තීරණාත්මක අවස්ථාවේදී සියලු දෙනා එක්ව ක්‍රියා කළ යුතුයි.
මේ ආණ්ඩුවේ නම බේරා ගැනීමේ සටන නොවෙයි. එමෙන්ම මෙය දේශපාලන සටනද නොවෙයි.
මෙය ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ සටන බව කිව යුතුයි.ආණ්ඩු මාරු කරන්නැයි කියා අප මේ අවස්ථාවේදී කියන්නේ නැහැ .ජනතාවගේ වගකීම තිබෙන්නේ කැබිනට් මණ්ඩලයටයි.
ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ද එතැනට සම්පූර්ණ බලතල ගත යුතුයි. දැන් පවතින ක්‍රියාන්විත මධ්‍යස්ථානය අසාර්ථකයි .අප මේ ගැන කළින්ම අනතුරු හැඟවුවත් ආණ්ඩුව ඒ ගැන ක්‍රියා කළේ නැහැ.

