
(ඉන්දිකා රාමනායක)
2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින වශයෙන් කිරුළ පැළඳි පුෂ්පිකා සිල්වා මහත්මියට එම කිරුළ ලබාදීමට අවශ්‍ය ක්‍රියාමර්ග ගත් බව ශ්‍රී ලංකා විවාහ රූ රැජින තේරීමේ තරගයේ ප්‍රධාන සංවිධායක චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.
පුෂ්පිකා ද සිල්වා මහත්මියගෙන් උදුරාගත් එම කිරුළ සංවිධායක මණ්ඩලයට බාරයට ගත් බව එය එම කිරුළ නිර්මාණය කළ වෝග් ජුවලර් ආයතනයට බාරදුන් බව ද චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.
මෙවැනි සිදුවීමක් කිසිසේත් නොවිය යුත්තක් බවත් සංවිධියක මණ්ඩලයේ සහ විනිශ්චය මණ්ඩලයේ ඒකමතිකව ලබා දුන් කිරුළ කිසිවකුටත් නැවත ලබාගත නොහැකි බව ද ඒ මහතා සඳහන් කරන ඒ මහතා මෙවැනි දෙයක් කිරීමට කැරොලින් ජූරි මහත්මියට කිසිසේත් සචාචාරාත්මක අයිතියක් නොමැති බවත් බලයෙන් කිරුළෙන් උදුම්මාගෙන ඇය කළ ක්‍රියාව කිසිසේත් අනුමත නොකරන බව ද පවසයි..
කිරුළේ නියම අයිතිකාරිය පුෂ්පිකා සිල්වා මහත්මිය බැවින් ඇයට නැවතත් කිරුළ පැළැන්දවීමට අවශ්‍යතාවයක් නොමැති ඔහු කීවේය.
ශ්‍රී ලංකා විවාහක රූ රැජින අවසන් තරගාවලිය කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී ඊයේ (4) රාත්‍රියේ පැවති අතර එහිදී ජයග්‍රාහිකාව ලෙස නම් කෙරුණු පුෂ්පිකා ද සිල්වා මහත්මියට එම කිරුළ පැළඳ වූ පිරිස වේදිකාවෙන් පිටව ගොස් නව රූ රැජින ජයග්‍රාහී ගමනේ යෙදී සිටියදී, වර්තමාන ශ්‍රී ලංකා සහ ලෝක විවාහක රූ රැජින ද වන කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ කියා සිටියේ ජයග්‍රාහිකාව වන පුෂ්පිකා ද සිල්වා මහත්මිය දික්කසාද වූ තැනැත්තියක් බවත් ඇය විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සුදුසුකම් නොලබන බවත්ය.



