‘‘ඕනෑම තීන්දුවක් ගන්න රජය පසුබට වෙන්නේ නෑ‘‘


(නිමල කොඩිතුවක්කු)
කොවීඞ් වසංගතයෙන් රට ආරක්ෂා කිරීම සඳහා තීන්දු ගැනීමට රජය පසුබට නොවන බවත් ඒ වෙනුවෙන්  රජය ගත යුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම මේ වනවිට ගෙන  ඇති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති අධ්‍යාපන අමාත්‍ය ජී. එල් පීරිස්  මහතා පවසයි.
කොවීඞ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කිරීමට ප‍්‍රයෝගික නම්‍යශීලී වැඩපිලිවලක්  රජය ක‍්‍රියාත්මක කරමින් සිටින බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
‘‘අද අපිට තිබෙනව ප‍්‍රදානතම අර්බුදය බවට කොවීඞ් වසංගතය පත්ව තිබෙනවා. එන්නත් ලබාගැනීම ස`දහා අවශ්‍ය  සියලූම මූල්‍ය ප‍්‍රතිපාදන රජය වෙන්කරලා තිබෙනවා. මෙතන තිබෙන ප‍්‍රශ්නය මුදල් ප‍්‍රශ්ණයක් නෙමෙයි. එන්නත් ලබාගැනීම  පිළිබඳ යම්කිසි ප‍්‍රමාදයක් තිබෙනවා. ඉන්දියාවේ තිබෙන ලෝකයේ විශාලතම එන්නත් නිශ්පාදනය කරන  රසායනාගාරය තුළ ඇතිවෙලා තිබෙන ගැටලූවක් මෙයට හේතුවී තිබෙනවා.
මේ වනවිට ලෝකය පිලිගත් එන්නත් වර්ග තුනක් අපේ රටේ භාවිතාවෙමින් තිබෙනවා.  කොවීඞ් වසංගතයට එන්නත් ඉතා වැදගත්. හැබැයි එන්නත් පමනක් නෙමෙයි එකම වැදගත් කාරනාව කියන එකත් අපි සිහි තබා ගත යුතුයි.   වෙනත් පියවර සම්බන්ධයෙන් පවා රජයේ අවධානය පැහැදිලව යොමුකරලා තිබෙනවා.