(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මේ කාලයේ ඕනෑම අයෙකුට ඕනෑම වෙලාවක වැඩ වර්ජන කිරීමටත් පාර්ලිමේන්තුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණ කිරීමටත් අවස්ථාව තිබෙන්නේ ඔවුන් කිසිවෙකුත් සුදු වෑන් වලින් උස්සා ගෙන ගොස් මරා නොදමන බව සියලු දෙනා දන්නා නිසා යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (9) පැවැසීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් වත්මන් රජය ප්‍රජාතන්ත්‍රවාදය නියම අයුරින් ක්‍රියාත්මක කරන නිසා මෙම වැඩ වර්ජන වලට හෝ උද්ඝෝෂණවලට විරුද්ධ නොවන බවද අගමැතිවරයා කීය.
ස්වාධීන කොමිසන් සභාවල සභහපතිවරුන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳ යෝජනාව සභාවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අවස්ථාවේදී ඒ බව කී අගමැතිවරයා මෙසේද කීය.
‘‘මේ කාලේ ඕනම කෙනෙක්ට ස්ට්‍රයික් කරන්න පුළුවන් . සුදු වෑන් ඇවිත් උස්සන් යන්නේ නෑ. මිනිස්සු අරගෙන ගිහින් මරා දාන්නේ නෑ.ප්‍රජාතන්ත්‍රවාදය මේ රටේ ක්‍රියාත්මක වෙනවා.අපි ඒවාට විරුද්ධ වෙන්නේ නැහැ.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙ ප්‍රධානත්වයෙන් යුත් මේ රජය රටේ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කර තිබෙනවා.කවුරුත් ඒක පිළිගන්නවා.මාධ්‍යත් ඒක පිළිගන්නවා.‘‘