‘‘ඔමික්‍රෝන් එක්ක කොරෝනා තුරන්ව යාවි‘‘


(සමල් සෝමරත්න)

"ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක කොරෝනා වයිරසය ලෝකයෙන් තුරන්ව යාමේ යම්කිසි හැකියාවක් තියෙනවා යැයි ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසයි.

අපි හිතන්නේ නෑ එහෙම වුණොත් සිව්වැනි මාත්‍රාවක් ගැන කතා කළ යුතුයි කියලා. එවැනි අනපේක්ෂිත තත්ත්වයක් උදා වුණොත් ඒ සඳහාත් අපි ළඟ සැලසුම් තියෙනවා."

ඇත්තට පොඩි කණ්ඩායමක් ඉන්නවා මුල ඉඳලාම එන්නත්කරණයට අකුල් හෙළපු.ලංකාවට එන්නත් ගේන එකට විරුද්ධ වුණ.එන්නත් ලබා දෙන එකට විරුද්ධ වුණ.

ඒ වගේම එන්නත් ලබා දෙන එක කඩාකප්පල් කළා.එන්නත්කරණ මධ්‍යස්ථානවල ඔබට මතක ඇති විවිධ ප්‍රශ්න ඇති කළා. ඒ වගේම මේ එන්නත්කරණ වැඩපිළිවෙළ වෙනුවෙන් මහන්සි වුණ අපේ ප්‍රාදේශිය දේශපාලඥයොන්ට විවිධ කරදර කරන්න අපහාස කරන්න විවිධ තාඩන පීඩන කරන්න කටයුතු කළා.ඒ එක්කම සමාජ මාධ්‍ය යොදාගෙන විවිධ ප්‍රචාර රැගෙන ගියා.

එන්නත්කරණය නිසා විවිධ රෝගා බාධ, අතුරු ආබාධ, අතුරුඵල ඇති වෙනවා කියලා.හැබැයි කොහේවත් රටේ එහෙම ගැටළුවක් පැන නැඟිලා නැහැ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ එප්පාවල රජයේ රෝහලේ මිලියන 55ක වියදමින් ඉදි කරනු ලබන ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයේ වැඩකටයුතු නිරීක්ෂණය කිරීමට හා එප්පාවල රජයේ රෝහලට අත්‍යාවශය උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.