(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
‘‘ඒකාබද්ධ විපක්ෂයේ උද්ඝෝෂණය පුස්සක්.විස්ල් ගහපු විදිහට බල්ටි නැහැ.‘‘ යැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවැසීය.
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවැසුවේ තැපැල් කාර්යාල ආඥා පනත යටතේ ව්‍යවස්ථා පිළිබඳ විවාදයේදීය.
නලීන් බණ්ඩාර මහතා මෙසේද කීය.
“ එයාලාට කිව්ව ගණන් ගේන්න බැරිව ගියා.බස් ආවෙත් ටිකයි.එක බස් එකක ආවේ දහයකට අඩු ගාණක්.වැඩේ අසාර්ථක වුණා.මෙය රටට ජනතාවට ආදරයෙන් ආපු ගමනක් නොවෙයි.එක පවුලක පිරිසකට බලය ගන්න ආපු ගමනක් කොළඹ වටිනා ඉඩම් ටික චීනයට සින්නක්කරව විකුණපු අයට යළි කොළඹට පය ගහන්න අයිතියක් නැහැ.
මොන උද්ඝෝෂණ කළත් ආණ්ඩුව සැලෙන්නේ නැහැ.ආණ්ඩුව ඉදිරියට යනවා‘‘

