
(යොහාන් භාසුර)
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව ශ්‍රී ලංකාවට ඇතුල්වීමට අවසර ලබාගැනීමේදී ගින්නක් පිළිඳව කිසිඳු දැනුවත්කිරීමක් කර නැතැයි නාගරික සංවර්ධන,වෙරළ සංරක්‍ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා අවධාරණය කරයි.
‘එක්ස්ප‍්‍රස් පර්ල්’ නෞකාව පසුගිය 20 වැනිදා මධ්‍යම රාත‍්‍රී ශ්‍රී ලංකාවට ළගාවූ බවත් එම නැව ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුල්වී පැය 12 කට පසුව ගින්නක් පිළිබඳව ඊමේල් මාර්ගයෙන් දැනුම් දුන් බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි
එදින මධ්‍යහන 12.00 යොමු කර තිබූ දෙවැනි ඊමේල් පණිවුඩයේ ද හදිසි තත්වයක් සඳහන් නොවූ සාමාන්‍ය එකක් බවත් පස්වරු 2.00 ට පමණ හදිසි තත්වය දැනුම්දී සහාය ඉල්ලූ බවත් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි

