(යොහාන් භාසුර)
කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.
නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් කපිතාන් ඉන්දික ද සිල්වා මහතා කියයි.
නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ ඊයේ රාත්‍රී වන විට ගින්නෙන් විනාශ වී තිබූ බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.

