‘‘එක්ස්ප්‍රස් පර්ල්‘‘ නැවේ මෙරට නියෝජිත අර්ජුන හෙට්ටිආරච්චි අත්අඩංගුවට


(නිමන්ති රණසිංහ)

මෙරට මුහුදු සීමාවේදී ගිනි ගත් ‘‘එක්ස්ප‍්‍රස් පර්ල්” නෞකාවේ දේශීය නියෝජිත ආයතනය වන ‘‘සී කොන්සෝටියම් ලංකා සමාගමේ’’ සභාපති අර්ජුන හෙට්ටිආරච්චි මහතා අද  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

මෙම සමාගම නොසැලකිලිමත් කි‍්‍රයාවක් සිදුකළ බවට කරුණු අනාවරණය වී ඇති බැවින් සමුද්‍රීය ආරක්ෂන පනතේ ප‍්‍රතිපාදන ප‍්‍රකාරව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව ඔහු සදහන් කරයි.

සැකකරු  කොළඹ මහාධිකරණය හමුවට අද  ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව ද හෙතෙම සදහන් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)