‘‘එකතු වෙමු‘‘ හරීන් මැති සබේදී වැඳ වටෙයි


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයකුට ගහලා මරලා තිබෙන පසුබිම තුළවත් රටෙි ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 225ටම එකතු වන්නට බැරි ඇයි දැයි සමගි ජනබලවේගයේ පත් පත්කළ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.

අඩු ගණනේ මාස තුනකට හෝ එකතු වී රටේ ප්‍රශ්න විසඳා ගනිමු යැයි වැඳලා ඉල්ලන බවද හරීන් ප්‍රනාන්දු මහතා කීය.

"අපි අපිම විවේචනය කර ගැනීම තුළයි මේ ඉරණම ඇතිවී තිබෙන්නේ. 225 තවම ඒ දේ තේරුම් ගෙන නැහැ .අපේ පක්ෂයෙන් වෙන්න පුළුවන් .ඒ පක්ෂයේ වෙන්න පුළුවන්. අපි කතා කරන්නේ රටට අවශ්‍ය දේ නොවේ"යනුවෙන් ද හරීන් ප්‍රනාන්දු මහතා කීය.