‘‘උතුරේ තත්ත්වය සෝචනීයයි“


අද රට වශයෙන් තිබෙන බරපතලම සමාජමය ප්‍රශ්නයක් වූ යහපත් පරපුරක් සෑදිමට බරපතල අභියෝගයක් වී තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය ගැන බැලූ විට උතුරේ තත්ත්වය ඉතා සෝචනීය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ දී කීවේය.

‘‘ ලංකාවේ වැඩිපුරම මධ්‍යසාරවලින් ආණ්ඩුවට සල්ලි දෙන්නේ උතුරේ. ඉන් බාහිරව මත්කුඩු මත්පෙති වේගයෙන් උතුරේ සමාජය යටපත් කරගෙන යනවා. දකුණේත් මේ ප්‍රශ්නය තිබෙනවා. කොළඹ ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තිබෙන භයානක තත්ත්වය කොතරම් ද කියා අපිට ගැටළුවක්. දෙමළ කතාකරන උතුරේ මවක් කවුරු කොහොම ළමයි බලාගත්තත් වැඩක් නැහැ. ලොක් කරන්න ඕනේ පෙට්ටගම් අල්මාරිවත් නොවෙයි වැඩිහිටියන් පස්සෙන් යැවීමත් නොවෙයි පුළු්න්නම් වෙබ් සයිට් ලොක් කරලා දෙන්න කියා ඉල්ලුවා. අපි මොන විදියේ ආරක්ෂාව දුන්නත් දරුවන් අද අන්තර්ජාලය සමග තියෙන සම්බන්ධය නිසා අද දරුවන් හදාගන්න අමාරුයි කියා අම්මා කිව්වා.

විද්‍යා දියණියගේ මරණය ගැන ඇසූ විට බොහෝ දෙනෙක් කියූ දෙයක් තමයි අන්තර්ජාලයෙන් රූපවාහිනියෙන් දකින දර්ශන බොහෝ වෙලාවට අත්හදා බලන්න මේ තරුණ පිරිස් පෙළඹිලා සිටිනවා. මේ සඳහා මත්කුඩු මත් ද්‍රව්‍ය භාවිතා කරනවා. සමාජයේ වගකීමක් දරණ සියළු දෙනා යහපත් පුවැසියන් හදන්න මේ අභියෝගාත්මක සමාජයේ මහා වැදගත් කාර්යයක් ඉටු කරද්දී සල්ලිවලට ආදරය කරන ජීවිත ගැන නොසිතන සමාජයේ සුළු පිරිසක් මේ වැදගත් මිනිස් සමාජය විනාශ කරනවා. “