ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීමට නොහැකිව සෞඛ්‍ය බලධාරීන් විවිධ කතා කියමින් සිටින්නේ යැයි වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය චෝදනා කරයි.
සෞඛ්‍ය නිලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කළ හෙයින් එන්නත් ලක්ෂ 10ක් නාස්තිවීමේ අවධානමක් හටගෙන ඇතැයි ද වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා කියයි.
පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිකරණය ආරක්ෂාවීමට නම් අනිවාර්යෙන්ම දෙවන මාත්‍රාව ලබාගැනීම අත්‍යවශ්‍ය බව ද ඔහු සඳහන් කරයි.
එම නිසා ඉන්දියාවට වැද නමස්කාර කර හෝ අස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගෙන දෙවන මාත්‍රාව ලබාදීමට සෞඛ්‍ය නිලධාරින් කටයුතු කළ යුතු බව ද කුමුදේශ් මහතා පවසයි.

