(උපාලි ආනන්ද)
අනුරාධපුර බන්ධනාගාරයේ සිර කුටියෙන් එලියට ගත් තමා දෙවතාවක් දණ ගස්සවා ඉනේ තිබුනු පිස්තෝලය අතට ගත් රාජ්‍ය අමාත්‍ය ලෙහාන් රත්වත්තේ පිස්තෝලය ලෝඞ් කර තමාගේ නළලට තබා තර්ජනය කර උඔ කියන්නේ බොරු ඇත්ත කියපන් කියලා තර්ජනය කළ අවස්ථාවේ වෙඩි තබා මරා දමාවි යැයි බියක් දැනී තමා හැඬූ බව අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටි ත‍්‍රස්තවාදි සිරකරුවකු වන පූබාලසිංහම් සූරියපාලන් විවෘත අධිකරණය්දී පැවසීය
වැවිලි කාර්මාන්ත රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප‍්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත‍්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගරයට ඇතුළු වී එම බන්ධනාගාරයේ රදවා සිටි දමිළ ජාතික රඳවියකු දෙසට ගිනි අවියක් එල්ල කොට වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධි බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරිමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ අද මුල් වරට විභාගයට ගත් අවස්ථාවේ පැමිණිල්ලේ පැමිණිල්ලේ පළමු සාක්සිකරු ලෙස සාක්සි ලබා දෙමිනි මෙම නඩුව කැඳවූ අවස්ථාවේ විත්තිකාර වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය
මෙහිදි ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අමතමින් නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සමදරී පියසේන මහත්මිය පැවසුෙවි පළමු සාක්කි පූබාලසිංහම් සූරියපාලන්ට සිංහල කතා කිරීමට හා තේරුම් ගැනීමට හැකියාවක් නොමැති නිසා භාෂා පර්වර්ථකයෙකුගේ සහය ලබා දෙන ලෙසයි
එකී ඉල්ලීමට ඉඩ දන් ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අධිකරණයේ භාෂා පරිවර්ථක ඉර්ෆාන් මොහොමඞ් මහතාට නියෝග කළේ
සාක්සිකරු ද්‍රවිඩ බසින් ලබා දෙන සාක්සි සිංහල බසින් පරිවර්ථනය කරන ලෙසයි

