‘‘ආර්ථිකය කඩා වැටිලා රටත් බාල්දු වෙලා”


අධිකරණය ගැන ඇති විශ්වාසය හෑල්ලු වී ඇතැයිද තමන්ට ඕනෑ කෙනකු පත් කරගැනීමේ හැකියාව විධායක ජනාධිපතිට ඇතැයිද ආර්ථිකය කඩා වැටී ඇතැයිද හිටපු ඇමති පාඨලී චම්පික රණවක මහතා තිබ්බටුවාවේ සුමංගල මල්වතු මහනායක හිමියන් සමග අද ප්‍රකාශ කළේය.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ජාත්‍යන්තර තලයේදී අද රට පරාජයවී ඇතැයිද ඔහු කීවේය. හෙළ උරුම නියෝජිතයෝ අස්ගිරි පාර්ශවයට ගොස් උඩුගම බුද්ධරක්ඛිත නාහිමියෝද බැහැ දුටහ.