‘‘ආරක්ෂකයනුත් පූජාවට හවුල් කරගන්නවා”


තමා කතරගම වන්දනාවේ යද්දී කොහුවල පොලිසියෙන් තම ආරක්ෂාවට සපයා ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා සහ කාර්ය මණ්ඩලය කතරගම දේවාලයේ පුද පූජාවලට නොවැම්බර් 16 වැනිදා තමා සමග හවුල්වූ බව දෙහිවල-ගල්කිස්ස නගරාධිපති  ධනසිරි අමරතුංග මහතා කියයි.

ඔහු එසේ කියනුයේ තමාද සිටින ඡායාරූපයක් පළකරමින් ‘පොලිසිය බැලමෙහෙවරේ‘ යනුවෙන් පසුගිය 11/16 වැනිදා පළ කළ පුවත ගැන කරුණු පහදමිනි.

තවද මා පුරුද්දක් ලෙස එවන් වන්දනා මාන කටයුතුවලදී මා සමග යන පිරිසට ඔවුන්ගේ කටයුතු මෙන්ම ඔවුන්ගේ පවුල්වල සියලු කටයුතු සාර්ථක කරගැනීම උදෙසා පුද පූජා සූදානම් කර දෙන අතර ඔවුන්ටද මා මෙන්ම වන්දනාමාන කර ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබන්නේ විශාල භක්තියෙනි.