‘‘ආණ්ඩුවේ නොසැළකිල්ලෙන් වසංගතය රටපුරා පැතිරුණා‘‘


(අංජුල මහික වීරරත්න )

සෞඛ්‍ය බලධරයන්ට එන්නත්කරණ ක්‍රියාවලිය පවා විධිමත්ව කරන්නට ඉඩ නොදී ආණ්ඩුවේ දේශපාලනඥයන් "වළං කඩේට පැන්න හරකා සේ" ක්‍රියා කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

කොරෝනා වසංගතය රටපුරා පැතිරුනේ ආණ්ඩුවේ නොසැලකිලිමත් හා අවිධිමත් වැඩපිළිවෙළ නිසා බව කී රංගේ බණ්ඩාර මහතා වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා දැන්වත් මොලේ ඇතිව තීන්දු තීරණ ගන්නැයි ඉල්ලා සිටින බවද සඳහන් කරයි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍ය හමුවක් පවත්වමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රංගෙ බණ්ඩාර මහතා කීවෙි වර්තමානයේ උද්ගත වී තිබෙන තත්ත්වය හරියාකාරව තේරුම් ගෙන දේශපාලනඥයින් වැඩ කටයුතු කළ යුතුව තිබෙන බවයි