‘‘ආණ්ඩුවේ ඊනියා 21 පිළිකුලෙන් හෙළා දකිනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

නීතිඥ සංගමයේ යෝජනා ඇතුළත් 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වෙනුවට,ඊනියා සටකපට විසි එකක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී අද(23) පැවසීය. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කරමින් දහනව වන සංශෝධනය වඩා ශක්තිමත් ලෙස ගෙන එමින් ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ සියල්ල සහතික කිරීම ආණ්ඩුව නොවළහා කළ යුතු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එසේ නොමැතිව රැවටිලිකාර සටකපට විසි එක් වන සංශෝධනයක් ගෙන ඒමෙන් ජනතාවගේ අපේක්ෂාවන් ඉටු නොවන බවත් කොළඹ දී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු මේ බව පැවසීය.

ආණ්ඩුව සිදුකරන ප්‍රෝඩාකාරී සහ රැවටිලිකාරී කටයුතු වහා නවතා දමා ජනතා අභිමතය මත කටයුතු කළ යුතුව ඇතැයි ද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.