
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ,අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ යන මහත්වරු ඇතුළු රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් ඉලක්ක කරමින් විපක්ෂය දිනෙන් දින එල්ල කරනු ලබන චෝදනාවන් පදනම් විරහිත බව පවසමින් ‘පහනට තෙල්’ ජාතික ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතාවක් කොළඹ ලිප්ටන් වටරවුම අසලදී අද(30) පැවැත්විණි.
පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ ලේකම් සී.සමරහේවා මෙහිදී පවසා සිටියේ රජයට එල්ලවන අන්තවාදී චෝදනා , පරිසරය විනාශ කිරීමේ චෝදනා ඇතුළු සියලු චෝදනා වලට පිළිතුරු ලබාදීමේ අරමුණත් , රජයට තම සංවිදානයේ සහාය පළකිරීමත් මෙම විරෝධතාව සංවිධානය කළ බවයි





