‘‘අර්ජුන් මහේන්ද්‍රන් ගැන මගෙන් අහන්න එපා‘‘ - අධිකරණ ඇමැතිනී


(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)

‘‘අර්ජුන් මහේන්ද්‍රන් ගැන මගෙන් අහන්න එපා, ඒ ගැන පරීක්ෂණ කරන අයගෙන් අහන්න‘‘ යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය පාර්ලිමේන්තුවේදී අද (7) පැවැසුවාය.

තමා ඒ ගැන පරීක්ෂණ කර නැතැයිද ඇය කීවාය

අධිකරණ ඇමැතිවරිය මේ බව පැවැසුවේ සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

තලතා අතුකෝරල මහත්මිය මෙසේද කීවාය.

‘‘මේ පනත ගේන්නේ පුද්ගලයකු ඉල්ලක කරගෙන නොවෙයි.තවත් අය ගැන හිතලා නොවෙයි.ඒක තේරුම් ගන්න.‘‘