‘‘අනාගතය ඉලක්ක කරමින් රට නවීකරණය කරා ගෙන යනවා‘‘


(නිමල කොඩිතුවක්කු)

රටක් දියුණු කිරීමේදී  සෑම ක්ෂේත්‍රයකම නවීකරණයක් අත්‍යවශ්‍ය බවත් ඒ අනුව යමින් වත්මන් රජය යටතේ අධ්‍යාපනය, සෞඛ්‍ය සේවය, ප‍්‍රවාහනය, යටිතල පහසුකම් නවීකරණය කඩිනම් කර ඇතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා පැවැසීය.

අනාගතය ඉලක්ක කරමින් රට නවීකරණය කරා ගෙන යන විප්ලවීය වැඩපිළිවෙල ඔස්සේ ඉදිරි වසර කිහිපය තුළ රටේ සීඝ‍්‍ර දියුණුවක් අපේක්ෂා කරන බවත් අග‍්‍රාමාත්‍යවරයා  සඳහන් කළේය.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මේ බව පැවසුවේ කොළඹ සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයේ  අද (03) පැවති මාලබේ - කොළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග සේවා සංක‍්‍රමණ ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවිමෙන් සිදුකළ මෙම ව්‍යාපෘතිය 2024 දී අවසන් කිරීමට නියමිත අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන දෙකයි දශම දෙකක මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.

මාලබේ - කෙළඹ සැහැල්ලූ දුම්රිය මාර්ග සේවාව කිලෝමීටර් 16 කින් සහ නැවතුම් ස්ථාන 16 කින් සමන්විත වේ.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ  මහතා මෙසේද කීය.

    ‘‘21 වන ශතවර්ශය වෙනුවෙන් නවීකරණයට  වැදගත් පියවරක් අද මෙම ස්ථානයේදී සිදුවුණා. කොළඹ  සැහැල්ලූ දුම්රිය පද්ධතියේ  ඒ වැඩසටහන ආරම්භ කිරීමට අපි අද මෙතෙන්ට පැමිණිලා තියෙනවා.

මේ පද්ධතියෙන් පළවෙනි සැහැල්ලූ දුම්රිය මාර්ගය කොළඹ  සිට මාලඹේට ඉදිකරනවා පමණක් නෙමෙයි  මෙම ව්‍යාපෘතියෙන් අපේ  ප‍්‍රවාහණයත් ඇත්ත වශයෙන්ම  නවීකරනය වෙනවා.

රටක් නවීකරණය කිරීමේදී  සෑම ක්ෂේත‍්‍රයක්ම නවීකරණය විය යුතුයි. අධ්‍යාපනයේ  නවීකරණය, සෞඛ්‍ය සේවයේ නවීකරණය, වාණිජයේ  නවීකරණය, ප‍්‍රවාහන නවීකරණය, යටිතල පහසුකම් නවීකරණය සිදුවිය යුතුයි.  ඒ වැඩපිළිවෙල තමයි මෙතන අපි ආරම්භ කරලා තියෙන්නේ.

මේ නගරයේ නවීකරණය හැටියට  එක පැත්තකින් පෝට් සිටිය ක‍්‍රියාත්මක වෙනවා.  අනිත් පැත්තෙන්  ඇති කරන අනිත් විශාල ව්‍යාපෘති ක‍්‍රියාත්මක වෙනවා.  උසස්  ආදායම් ලාභීන්ට  පමණක් නෙමෙයි අඩු ආදායම් ලාභීන්ටත්  තට්ටු නිවාස ඇතුලූ අනිකුත්  වැඩසටහන් ක‍්‍රියාත්මකයි. සෑම ක්ෂේත‍්‍රයක්ම  ඉලක්ක කරමින් අපි මේ වැඩසටහන් ආරම්භ කරලා තියෙනවා.

මේ තිබෙන කොළඹ සැහැල්ලූ  දුම්රිය පද්ධතිය නිසා කොළඹ ඉඳන් මාලබේට  අලූත් ප‍්‍රවාහන අංශයක් ඇතිවෙනවා.  මේ විතරක් නෙමෙයි මින් තවත් කොළඹ නවීකරණය කිරීම සඳහා බහුකාර්ය ප‍්‍රවාහන  මධ්‍යස්ථානයක් කොටුවේ ඇති වෙනවා.

කැළණියේ ඉඳන් අලූත්  පාලම් ඇති කරලා ඒ පාලම් වලින්  එක මාර්ගයක් විශේෂයෙන්ම  කුලූනු මතින් කොළඹ වරාය දක්වා එනවා.  අනිත් මාර්ගය දැනට රාජගිරිය  දක්වා එනවා. මෙන්න මේ විදියේ  අලූත් කොළඹක් තමයි අපි හදන්නේ.

අලූත්  මහනගරයක බිහිවීම තමයි මෙතන දකින්න තියෙන්නේ. මේ  වැඩකටයුතු ක‍්‍රියාත්මක කරපු චම්පික රණවක ඇමතිතුමන්ට ඒ වගේම එතුමා එක්ක වැඩකරපු මේ කණ්ඩායමටත් මම විශේෂයෙන්ම ප‍්‍රශංසා කරනවා. 

අපි මෙතන ඉඳන් අනාගතය බලන්න  ඕන. ඉදිරිය ගැන හිතලා කටයුතු  කළොත් රටක්  විදියට අපිට දියුණු වෙන්න පුලුවන්. ඒ වගේ තැනකට අද රට  පත්ව තිබෙනවා. අපි  එක තැන ඉන්නවනම්  අපි පස්සට යන්න හදනවනම් මේ රට  පිරිහෙනවා. 

මේ අවුරුදු පහේදී අපි අමාරුවෙන්  හෝ නවීකරණය  ආරම්භ කළා.  ඒ නවීකරණය තමයි දැන් ඉදිරියට ගෙනියන්න තියෙන්නේ. මේ නවීකරණයේදී විශාල කාර්යයක්  කරපු ඇමතිතුමාටත් මේ අමාත්‍යාංශයේ සියලූ දෙනාටමත් මම යළිත් ස්තූති කරනවා’’ යැයිද අග‍්‍රාමාත්‍යවරයා එහිදී පැවැසීය.