‘‘අඩුම තරමේ දිස්ත්‍රික්ක අතරවත් සංචරණ සීමා පනවන්න‘‘


(විනීතා එම් ගමගේ)

දින කිහිපයකට හෝ රට වසා තැබීමට කටයුතු කළ නොහැකිම නම් අඩුම තරමේ දිස්ත‍්‍රික් අතර සංචරණ සීමා පැනවීමට වත් ක‍්‍රියා කරන්නැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

වහා යම් පියවරක් නොගතහොත් කළමනාකරණය කළ නොහැකි තැනකට රටේ වසංගත තත්ත්වය යාම වැළැක්විය නොහැකි වනු ඇතැයි ද එම සංගමය අවධාරණය කරයි.

මේ වනවිට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට දරාගත නොහැකි තරම් රෝගීන් හා ආශ‍්‍රිතයන් වාර්තා වන බවත් මේ වනවිට ඔවුන් සේවය කරන්නේ ඉතා පීඩාකාරි වාතාවරණයක බවත් ශ‍්‍රි ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසයි.