
(විනීතා එම් ගමගේ)
විසි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් රටේ අංශ හතරක විනිවිද භාවය හා වගවීම අඩාල වන්නේ යැයි ‘‘ට්‍රාන්පේරන්සි ඉන්ටනැෂනල්‘‘ ශ්‍රී ලංකා ආයතනය පවසයි.
විශේෂයෙන් තොරතුරු දැන ගැනීමේ අයිතිය, විගණන කොමිසම අහෝසි විමෙන් රාජ්‍ය වියදම් නිරීක්ෂණය දුර්වල වීම, අල්ලස් කොමිසම අඩපණ වීම මෙන්ම පොදු දේපල අවභාවිතයට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසම සතු බලය අහිමිවීම තත්ත්වයන් ඇති වන බව නිරීක්ෂණය වන්නේ යැයි ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා ප්‍රකාශ කළේය.
මෙම ව්‍යවස්ථා සංශෝධනය හේතුවෙන් තොරතුරු දැන ගැනීමේ අයිතියෙහි ක්‍රියාකාරිත්වය මෙන්ම අල්ලස් කොමිසමේ විමර්ශන බලය ද අඩපන වන්නේ යැයි ඔබේසේකර මහතා කීය.
මේ අතර විගණන කොමිසම අහෝසි කිරීමෙන් රාජ්‍ය වියදම් නිරික්ෂණය දුර්වල වන අතර පොදු දේපල අවභාවිතාවට එරෙහිව පියවර ගැනීමට මැතිවරණ කොමිසමට ඇති බලය සීමා වන බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
අබේසේකර මහතා මේ අදහස් පළ කළේ කොළඹ 5, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ අද (10 ) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
බැලු බැල්මට තොරතුරු දැන ගැනීමේ අයිතියෙහි පාරිශුද්ධත්වය රැකෙන බව පෙනෙන්නට තිබුණත්, තොරතුරු දැන ගැනීමේ කොමිසම පත් කිරීම ව්‍යවස්ථාදායක සභාව විසින් සිදුකළ යුතු බව එම පනත මගින්ම නම් කර ඇති අතර නව සංශෝධනය මගින් ව්‍යවස්ථාදායක සභාව අහෝසි කර ඇති බැවින් තොරතුරු දැන ගැනීමේ කොමිසමෙහි ක්‍රිකාකාරිත්වය අවදානමකට ලක්වන බව ද විධායක අධ්‍යක්ෂවරයා කීය.
තොරතුරු දැන ගැනීමේ කොමිසමෙහි ක්‍රියාකාරිත්වය ආරම්භ වූ 2017 පෙබරවාරියේ සිට මේ දක්වා ශ්‍රී ලාංකේය ප්‍රජාව කෙරෙහි ඇති කරනු ලැබූ බලපෑම් වල පළමු සාක්ෂිකරුවන් වන්නේ ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය බවත් මේ අයිතිය දිගටම පැවැතිය යුතු බවත් හෙතෙම සඳහන් කළේය.
යෝජිත ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 156 අ වගන්තිය අවලංගු කිරීම පිළිබඳව තම අවදානය යොමුව ඇතැයි ද අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ ව්‍යවස්ථාපිත පිළිගැනීම දුර්වල කිරීමට අමතරව 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පවරා දෙනු ලැබූ සිය අභිමතය අනුව විමර්ශනයන් ආරම්භ කිරීමට අල්ලස් කොමිසම සතු බලය 156 අ ව්‍යවස්ථාව අහෝසි කිරීම මගින් අවලංගු වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
විගණන කොමිසම ඉවත් කිරීම තුළින් අත්‍යවශ්‍ය බලතල අහෝසී වී ඇතැයි කී ඒ මහතා ජාතික ප්‍රසම්පාදන කොමිසමට අදාල විධිවිධානයන් පූර්ණ වශයෙන් ක්‍රියාත්මක නොවුන ද විනිවිද භාවය මෙන්ම වග වන සම්ප්‍රදායක් වෙනුවෙන් එම ආයතනය පැවැතීම වැදගත් වන බව ද කීය.
මේ පවතින තත්ත්වයන් යටතේ මහජන මතය පිළිගන්නා අතරම දූෂණයට හිතකර පසුබිමක් නිර්මාණ්‍ය වීමට එරෙහි මෙම රතු එළි සැළකිල්ලට ගන්නා මෙන් රජයෙන් ඉල්ලා සිටින බව ද ඔහු පැවැසීය.

