‘ෆොන්සේකා හිරේ සැප විඳිනවා‘
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා හිරගෙදර හොඳට සැප විඳින බව බන්ධනාගාර හා පුනරුත්ථාපන ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
‘ඔහු අපට තවත් හිර කරුවෙක් පමණයි. හිරේ හැමට අප එක සමානව සලකනවා. මම නායකයෙක් නම් හිරේ ගියත් කන්නේ අනෙක් හිරකාරයන්ට දෙන කෑමමයි.
ෆොන්සේකාට අසනීපයක් හැදුණු ගමන් යන්නේ කොළඹ රෝහලකට. එහෙම අවුත් මාධ්‍ය වටකරගෙන ආණ්ඩුවට බනිනවා. මාධ්‍යයත් ඒ බව දැනගත යුතුයි. රජයට ඕනෑනම් එය නතර කළ හැකියි.‘

