(ප්‍රසාද් රුක්මල් )
දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගය අතරතුරේ හත්දෙනෙකුට මරු කැදවමින් , 21 දෙනෙකුට බරපතළ තුවාල සිදු වූ මෝටර් රථ අනතුර සම්බන්ධයෙන් මෝටර් රථ තරගකරුවන් දෙදෙනකු අද (22) සැකපිට අත්අඩංගුවට ගත් බව දියතලාව පොලිසිය පවසයි .
ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරගයේ තරග අංක 5 යටතේ තරග වැදුණු මාතර මැදපාර හිත්තැටිය ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙක් සහ තරග අංක 196 යටතේ තරග වැදුන පේරාදෙණිය මාකන්ද ප්‍රදේශයේ පදිංචි 47 හැවිරිදි පුද්ගලයකු මෙසේ අත්අඩංගුවට ගත් බවත් , ඔවුන් දෙදෙනාත් මෙම මෝටර් රථ අනතුරින් තුවාල ලබා දැනට පොලිස් ආරක්ෂාව යටතේ දියතලාව මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බවද පොලිසිය කීය .
පාස්කු දින ප්‍රහාරයෙන් වසර පහකට පසුව ඊයේ (21) දියතලාව නරියාකන්දේදි මෙම ෆොක්ස්හිල් මෝටර්රථ ධාවන තරග පැවත්විණ .
එම මෝටර්රථ ධාවන තරගය අතරතුරේ මෙසේ මෝටර්රථයක් ධාවන පථයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර ට පත් වූ අතර එය නැරඹීමට ඒ ආසන්නයට යාමේදී පැවති අධික දූවිල්ලත් සමඟ ධාවන පථයෙ තරග වැදුන මෝටර් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් ඉවතට විසිවී ගොස් ඊට යටවීමෙන් මෙසේ අවුරුදු 8 කුඩා දැරියක ඇතුලු හත්දෙනෙකු මියගොස් 21 දෙනෙකු බරපතළ තුවාල ලැබූ බවද පොලිසිය සදහන් කළේය .

