‘ෆුල්ෆේස් තහනම් කරන්න හැදූ අය 20 අඩුපාඩු සෙවීම පුදුමයක් නොවේ‘


ව්‍යාපාරික ස්ථාන මංකොල්ල කෑම නැවැත්වීමට ෆුල්ෆේස් හෙල්මට් තහනම් කිරීමට යෝජනා කළ පිරිස 20වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ අඩුපාඩු සකසා ගැනීමට ක්‍රියාකිරීම ගැන පුදුම නොවන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික පුබුදු ජයගොඩ අද (11) පැවසීය.

සමානුපාතික නියෝජන ක්‍රමයක සිට කේවල සමානුපාතික මිශ්‍ර ක්‍රමයක් දක්වා නියෝජන ක්‍රමය වෙනස් කිරීමක් මිස 20වැනි සංශෝධනය මගින් මැතිවරණ ක්‍රමයේ වෙනස් සිදුකර නැතැයිද ඔහු කීවේය.