පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රතිඵල ලෝක ළමා දිනය දා නිකුත් නොකළ යුතු බව මානව හිමිකම් කොමිසම හමුවේ කරුණු දැක්වීමට පැමිණි රාජ්‍ය ආයතන තිස් පහක නිලධාරීන්ගේ අදහස වූ බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් ප්‍රතිභා මහානාමහේවා මහතා කියයි.
පහ ශ්‍රේණියේ දී ශිෂ්‍යත්ව විභාගය නොපවත්වා හත වසරේ දී හෝ අට වසරේ දී එම විභාගය පැවැත්වීමේ නව විභාග කාර්ය පටිපාටියක් සකස් කිරීමට ද යෝජනාවක් ඉදිරිපත් වූ බව ද හෙතෙම පවසයි.

