ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සෑම පාසලකටම රුපියල් ලක්ෂ 20ක් වටිනා සනීපාරක්ෂක කට්ටල සඳහා මුදල් පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනේ සමාරම්භක උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (1) කොළඹ මහානාම විද්‍යාලයේදී පැවැත්විණි.
පළමු අදියරේදී තෝරාගත් පාසල් 1100 කට සනීපාරක්ෂක කට්ටල වෙනුවෙන්ද දෙවැනි අදියරේදී දිවයිනේ සියලු පාසල් ආවරණය වන පරිදිද මුදල් පරිත්‍යාග සිදු කෙරේ.
ළමයින්ගේ අධ්‍යාපනය මෙන්ම සනීපාරක්ෂාව ගැනද රජයක් ලෙස තමන් සැලකිලිමත් විය යුතු බවත් ජනප්‍රිය පාසල් වෙනුවට ‘ළඟම පාසල හොඳම පාසල‘ යන තේමාව යටතේ සියලු පාසල් නවීන පහසුකම් වලින් සන්නද්ධ කිරීමට කටයුතු කරන බවත් අධ්‍යාපන ඇමැති කීවේය.





