(සුජිත් හේවාජුලිගේ )
සති අන්තයේ සාද, උත්සව , ප්‍රිය සම්භාෂණ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බවත් මෙවැනි කටයුතු හොර රහසේ සිදුවන්නේ නම් වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ පොලිස් මූලස්ථානයට හෝ 119 ක්ෂණික දුරකථන ඇමතුම් අංකයට හෝ දැනුම් දෙන්නැයි සියලු මහජනතාවගෙන් ඉල්ලා සිටින බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පැවසීය .
එවැනි පිරිස් සම්බන්ධයෙන් සෙවිල්ලෙන් සිටීමට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් සීරුවෙන් තබා ඇතැයිද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය .
මේ අතර මේ කාලසීමාවේදී මත්පැන් විකිණීම හා බෙදාහැරීමද සපුරා තහනම් බවත් එම තහනම නොතකා කටයුතු කරන පුද්ගලයන් සම්බන්ධයෙන් ද පොලිසිය සෙවිල්ලෙන් සිටින බවත් ඔහු පැවසුවේය .
දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීමේ මෙහෙයුම් ද වැඩි කර ඇති බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් කීවේය

