‘හොඳ හිත‘ නරක වැඩක් කරලා


අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට අපහාසවන අයුරින් මහනුවර ඩී.ඇස්.සේනානායක වීදියේ පෝස්ටර් මුද්‍රණය කළ ස්ථානයක් වැටලීමට පොලිසිය සමත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

‘හොඳ හිත‘ නමැති එම මුද්‍රණාලයේ සිටි සැකකරුවන් 7 දෙනකු අත් අඩංගුවට ගත් බවත් එහි තිබූ පෝස්ටර් 800ක් සොයාගත් බවත් පොලිසිය පවසයි.