‘හොඳ වල්ල පට්ටා පට්ට නොගහනු‘


උද්භිත  විද්‍යාත්මික  ගයිනොප්ඩි වල්ල ලෙස හඳුන්වන  වල්ලාපට්ට ශාකයේ  ආර්ථීක වටිනාකමක් ඇත්තේ  රෝගී ශාඛවල පමණක් බවත්  නිරෝගී ශාඛ කපා  විනාශ කිරීම මහත් අපරාධයක් බවත්  මෙරට ප්‍රකට කෘෂි විද්‍යාඥයකු වන පියල් මාරසිංහ මහතා පවසයි.

 වල්ලපට්ටා ශාකයේ  කඳට දිලීර  ආක්‍රමණයක් මගින්  එහි වන ස්වාභාවික  රසායනික සංයෝගය සහිත  රෙසිනය  සහිත ශාක පමණක් ආර්ථීක වටිනාකමකින්  යුක්ත බව ඔවුහු කියති.

ඉවක් බවක් නොමැතිව  කැලෑවල ඇති වල්ලපට්ටා  ශාක  විනාශ කිරීම සුලභව සිදු කරන බවත් මෙය වහා නතර කළ යුතු බවත් ඒ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ  තෙත් හා අතර මැදි  භූගෝලීය  කළාප තුල  වල්ලපට්ට ශාකය සුලභව වැවේ.

නියමාකාරයෙන් දිලීර  ආක්‍රමණය කැර ඇති  රෝගී වල්ලාපට්ට කිලෝවක වෙළෙඳ පොළ වටිනාකම රුපියල්  ලක්ෂ 125 ක්  පමණ වන බව ඔහු කියයි.

මේ වල්ලපට්ට ශාක පහසුවෙන්  වගා කළ හැකි බව පෙන්වා දෙන මාරසිංහ මහතා පවසන්නේ රජය මෙම කටයුත්තට මැදිහත් වන්නේ නම් වල්ලාපට්ටා වගා කැර  සෘජුවම ආනයනය කිරීමෙන්  රට සල්ලි උපයාගත හැකි බවයි.

මිල අධික සුවඳ විලවුන්  නිශ්පාදනයට වල්ලපට්ටා රෙසිනය (දුම්මල) යොදා ගැනේ.