‘හොඳ මිනිසුන් පාර්ලිමේන්තුවට යවන්න‘


පාර්ලිමේන්තුවට යහපත් චරිත ලක්ෂණවලින් යුත් මන්ත්‍රීවරුන් පිරිසක් යැවීමට රටේ ජනතාව සූදානමින් සිටින්නේයැයි ඉත්තෑපානේ ධම්මාලංකාර කොළඹ කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ මහානායක හිමියෝ කොළඹ දී ප්‍රකාශ කළහ.

මැතිවරණ කොමසාරිස්වරයා මෙවර මහ මැතිවරණයේ දී වෙනත් මැතිවරණ කාලයන්හි නොතිබූ සාමකාමී බවක් ඇති කිරීමට කටයුතු කර ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

රටේ වෙසෙන සියලු ජනතාව ජාති භේදයකින් තොරව සාමකාමී මැතිවරණයක් පැවැත්වීමට අවශ්‍ය සහය දිය යුතු බව ද ඒ හිමියෝ කීය.

මේ අවස්ථාවට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනා හිමි, මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමා,  බ්‍රහ්මණවත්තේ සීවලී හිමි,  දුලිප් ඩී චිකේරා බිෂොප්තුමා ද , ආගමික සමුළුවේ උප ලේකම් එබෙන්ෂර් ජෝෂප් පියතුමා සහ සමස්ත ලංකා ජමියාහ්තුල් උලමා සංවිධානයේ මාධ්‍ය ලේකම් ඈෂ් ෂෙයික් ෆාසිල් ෆාරුක් මවුලවිතුමා ද සහභාගී වූහ.

IMG_7248 IMG_7268 IMG_7227 IMG_7243