ලබන 17 වැනිදා මහ ඡන්දයට සුදුසු අය ඇතැම් පක්ෂවලින් නම් කර නැති හෙයින් ඡන්ද දායකයන්ට ලොකු වගකීමක් පැවරෙන බවත් හොඳ අය හා නරක අය අතර පවතින සටනේදී හොඳ අයට පමණක් ඡන්දය හා මනාපය දෙන්නැයි සාධාරණ හෙටක් සඳහා ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මාදුළුවාවේ සෝභිත හිමියෝ පිටකෝට්ටේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසූහ.
‘මේ ඡන්දය පුද්ගලයන් අතර ඡන්දයක්ද නොවේ. පක්ෂ අතර ඡන්දයක්ද නොවේ. ප්‍රතිපත්ති අතර ඡන්දයකි. හොඳ නරක අතර ඡන්දයකි. කුඩුකාරයන් එතනෝල්කාරයන් හා දූෂිතයන් වෙනුවට උගතුන් බුද්ධිමතුන් ඇතුළු හොඳ මිනිසුන් පත් කරගත යුතුයි.‘



