(රංජිත් රාජපක්ෂ)
රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකත්වය දරණ හෙද නිලධාරිනියන් අද (26) ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයෙන් වතුකරයේ රෝහල්හි දෛනික සේවා කටයුතුවලට බලපෑමක් එල්ල වී නොමැති බව වතුකරයේ රෝහල්වල වෛද්‍යවරු පවසති.
රාජ්‍ය සේවා එක්සත් හෙද නිලධාරීන්ගේ සංගමයේ සමාජිකත්වය දරණ හෙද නිලධාරිනියෝ ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් අද දීප ව්‍යාප්තව වැඩ වර්ජනයක් පවත්වති.
නමුත් වතුකරයේ රෝහල්හි රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සමාජිකත්වය දරණ හෙද නිලධාරිනියන් සුපුරුදු පරිදි තම රෝහල් වල දෛනික රාජකාරි කටයුතු වල නියැලි සිටින බව වෛද්‍යවරු පවසති.





