(හර්ෂණ තුෂාර සිල්වා)
පවතින අධික වර්ෂාව හා ගංවතුර තත්ත්වය හේතුවෙන් සෙනසුරාදා (27) සහ ඉරිදා (28) පැවැත්වීමට නියමිතව තිබූ විභාග පහක් කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව හෙට (27) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය 2016/2017, සහකාර රියදුරු උපදේශකයන් ලියාපදිංචි කිරීම සඳහා වන ලිඛිත විභාගය 2016 (2017), කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ක්ෂේත්‍රගත/කාර්යාලගත ඛාණ්ඩ 2 සේවා ගණයේ උපදේශන නිලධාරී තනතුරු දෙවැනි ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන විවෘත තරග විභාගය 2016 (2017) යන විභාග සහ ඉරිදා (28) පැවැත්වීමට නියමිතව තිබූ රාජ්‍ය කළමනාකරණය සහකාර සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරග විභාගය කල් දැමීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
අදාළ විභාග පැවැත්වෙන දින ඉදිරියේදී දැනුම්දෙන බවත් දැනට නිකුත් කර ඇති විභාග ප්‍රවේශ පත්‍ර අවලංගු කෙරෙන බවත් නව විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේදී නිකුත් කරන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ 011 2 785 230 සහ 011 2 177 075 යන දුරකතන අංකවලින් සහ පැය 24 පුරා ක්‍රියාත්මක 1911 යන ක්ෂණික දුරකතන ඇමැතුම් අංකයෙන් අවශ්‍ය තොරතුරු ලබාගත හැකි බව ද එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

