(නිමල කොඩිතුවක්කු)
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී හෙට (05) පවත්වන විරෝධතාවය සදහා සහභාගී වන්නේ රටේ පීඩාවට පත් සැබෑ මහජනතාවට වඩා කසිප්පු බත්පැකට් බළකායක් බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රි බිමල් රත්නායක මහතා පැවසීය.
රාජපක්ෂවරුන්ගෙන් රටට හොද දෙයක් කිසිසේත්ම බළාපොරොත්තු විය නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතාවය සම්බන්දයෙන් ලංකාදිපය කළ විමසිමකදී ඔහු කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා මෙසේද කීය.
‘‘වර්ථමාන ආණ්ඩුවේ දුර්දාන්ත, දුෂිත වැඩකටයුතු සහ නිසා අලූත් හොරුන්ගේ වැරදි නිසා පරණ හොරුන්ට පොඩි ගැම්මක් ඇතිවෙලා තියෙනවා.
මේ ආණ්ඩුවෙන් ඇති කරපු ජනතා ප‍්‍රශ්ණ ගසා කමින් බළයට එන්න දඟළන පරන හොරුන්ගේ කටයුත්තක් විදියට තමයි අපි මේ විරෝධතාවය දකින්නේදකින්නේ.
මේක කිසිසේත්ම රටට හොඳ දෙයක් නෙමෙයි. මෙතන ගේන්නේ මේ රටේ මහජනතාවට වඩා කසිප්පු බත්පැක්ට් බළකායක්. ඔවුන්ගෙන් රටට හොද දෙයක් බළාපොරොත්තු වෙන්න බැහැ.
පරන හොරු කන්ඩායම තමන්ගේ වැරදි හදාගෙන ඒ හොරකම් කරපු පුද්ගලයන්ව අයින් කරලා. අපි මේ වගේ ආන්ඩුවක් හදනවා කියලා කිසිම පැහැදිළි කිරිමක් රාජපක්ෂ මහතාගෙන් වෙලා නැහැ. රාජපක්ෂලාගේ දුර්දාන්ත කණ්ඩායම එලෙසම සිටිනවා.
මෛත‍්‍රි රනිල් පාළනය කොතරම් වැරදිද එතරම්ම රාජපක්ෂලාත් වැරදියි. ඒ නිසා රාජපක්ෂලාටත් බළයට එන්න දිය යුතු නැහැ. 2020 දී දේශපාළන පරිවර්තනයක් කරන්නයි තියෙන්නේ. ජ. වි. පෙ ප‍්‍රමුඛ බලවේගයට බළය ලබා දිම තමයි කරන්න තියෙන්නේ. එහෙම නැතුව අලූත් හොරු වෙනුවට පරන හොරු ගෙනල්ලා වාඩක් නැහැ’’ යනුවෙන්ද ඔහු එහිදී වැඩිදුරටත් පැවසීය.

